කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ අද දිනයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.
දකුණු පළාත සහ අම්පාර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදීද වැසි ඇතිවිය හැකි බව සඳහන් වේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව සහ උතුරු මැද පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවද පුරෝකථනය කර ඇත.
එමෙන්ම මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් අනුරාධපුර, කුරුණෑගල සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතින බවද සඳහන් වේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවන අනතුරු වලින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කර තිබේ.
අදත් ප්‍රදේශ රැසකට තද වැසි පුරෝකථනය

