නිරිත දිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටද අද (20) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සඳහන් වේ.
ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි අතර, උතුරු පළාත සහ අනුරාධපුර, හම්බන්තොට දිස්ත්‍රික්කවලද වැසි වාර කිහිපයක් අපේක්ෂා කෙරේ.
එමෙන්ම ඌව පළාත සහ මඩකලපුව, අම්පාර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයකට පස්වරු 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද කාලගුණ නිවේදනයේ දැක්වේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර තරමක තද සුළං ඇතිවිය හැකි බවද සඳහන්ය.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අකුණු සහ තාවකාලික තද සුළං හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
අදත් ප්‍රදේශ රැසකට වැසි සහ ගිගුරුම්

