Homeසියලුම පුවත්අද දිස්ත්‍රික්ක කිහිපයකට ඉහළ උණුසුමක්

අද දිස්ත්‍රික්ක කිහිපයකට ඉහළ උණුසුමක්

මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක අද (14) දිනයේදී අවධානය යොමු කළ යුතු මට්ටමක් දක්වා ඉහළ යනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

වව්නියාව, මුලතිව්, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර සහ මොනරාගල යන දිස්ත්‍රික්කවල මෙම තත්ත්වය අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම දිස්ත්‍රික්කවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 39ත් 45ත් අතර අගයක් ගනු ඇති බව සඳහන් වේ.

ඒ අනුව එළිමහනේ අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙසත්, ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන ලෙසත් වෛද්‍ය හංසමාල් වීරසූරිය මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

RELATED ARTICLES

Most Popular

Recent Comments