Homeසියලුම පුවත්අනතුරට ලක්වූ මගී බෝට්ටුවේ සියලුදෙනා නාවික හමුදාවෙන් බේරාගනී

අනතුරට ලක්වූ මගී බෝට්ටුවේ සියලුදෙනා නාවික හමුදාවෙන් බේරාගනී

කුරිකට්ටුවාන් සිට ඩෙල්ෆ් දක්වා යාත්‍රා කරමින් සිටියදී අනතුරට ලක්වූ මගී බෝට්ටුවේ සිටි සියලුදෙනා නිරුපද්‍රිතව බේරාගැනීමට නාවික හමුදාව සමත්ව තිබේ.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බෝට්ටුව අනතුරට ලක්ව ඇති බව නාවික හමුදාව සඳහන් කරයි.

අයහපත් කාලගුණ තත්ත්වය පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබියදීත් මෙම මගී ප්‍රවාහන බෝට්ටුව කුරිකට්ටුවාන් සිට ඩෙල්ෆ් දක්වා යාත්‍රා කර ඇති බවද වාර්තා වේ.

අනතුර සිදුවන අවස්ථාවේදී බෝට්ටුවේ ක්‍රියාකරුවන් දෙදෙනෙකු ඇතුළුව පුද්ගලයින් 10 දෙනෙකු සිට තිබේ.

බේරාගත් සියලුදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව නාවික හමුදාව සඳහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments