Homeසියලුම පුවත්අනුප්‍රාප්තික IMF ගිවිසුමක් කරා යොමු වන්නැයි සජිත්ගෙන් රජයට ඉල්ලීමක්

අනුප්‍රාප්තික IMF ගිවිසුමක් කරා යොමු වන්නැයි සජිත්ගෙන් රජයට ඉල්ලීමක්

තෙල් මිල ඉහළ යාම සහ ගෝලීය ආර්ථික අවිනිශ්චිතතා හමුවේ ශ්‍රී ලංකාව නැවතත් ආර්ථික අවදානමකට මුහුණ දිය හැකි බැවින් අනුප්‍රාප්තික IMF ගිවිසුමක් සඳහා යොමුවන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
අද (24) සමගි ජන බලවේග පක්ෂ මූලස්ථානයේ පැවති ගුරු සංගමය පිහිටුවීමේ මූලික සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.
රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් යථාර්ථවාදී අවබෝධයක් ජනතාවට ලබාදිය යුතු බව සඳහන් කළ විපක්ෂ නායකවරයා, විදේශ සංචිත ප්‍රමාණය සහ ආනයන ආවරණය කිරීමේ හැකියාව පිළිබඳවද අවධානය යොමු කළේය.
ඔහු පෙන්වා දුන්නේ, ජාත්‍යන්තර පිළිගැනීම අනුව රටක විදේශ සංචිත මාස තුනක ආනයන වියදම ආවරණය කළ යුතු වුවද ශ්‍රී ලංකාව එම මට්ටමට තවමත් ළඟා වී නොමැති බවයි.
එමෙන්ම මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදකාරී තත්ත්වය තවදුරටත් උග්‍ර වුවහොත් විදේශ ප්‍රේෂණ සහ ශ්‍රමික රැකියා කෙරෙහිද අහිතකර බලපෑම් එල්ල විය හැකි බවට සජිත් ප්‍රේමදාස මහතා අනතුරු ඇඟවීය.

RELATED ARTICLES

Most Popular

Recent Comments