අමෙරිකාව විසින් ඉරානයට එරෙහිව ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව එක්සත් ජනපද මධ්‍යම අණදෙන විධානය නිවේදනය කර තිබේ.
ඔමාන් වෙරළ ආසන්නයේ අමෙරිකානු Apache හෙලිකොප්ටරයක් බිඳ හෙළීමේ සිද්ධියට ප්‍රතිචාරයක් ලෙස මෙම ප්‍රහාර ක්‍රියාත්මක කර ඇති බව සඳහන් වේ.
මූලික ප්‍රහාර මගින් හෝමූස් සමුද්‍ර සන්ධිය අවට පිහිටි ගුවන් ආරක්ෂක සහ රේඩාර් පද්ධති ඉලක්ක කර ඇති අතර, මෙය ආරක්ෂක ක්‍රියාමාර්ගයක් ලෙස අමෙරිකාව හඳුන්වා දී ඇත.
මෙම ප්‍රහාර ඉරානය වෙත අනතුරු ඇඟවීමක් ලෙස සිදුකළ බවත්, යුද්ධය අවසන් කිරීම සඳහා පවතින සාකච්ඡාවලට බාධාවක් නොවනු ඇතැයි අපේක්ෂා කරන බවත් අමෙරිකානු නිලධාරීන් පවසා තිබේ.
මේ අතර, ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයකින් හානි වූ Apache හෙලිකොප්ටරයේ සිටි නියමුවන් දෙදෙනා කිසිදු තුවාලයකින් තොරව බේරාගත් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.
අමෙරිකාවෙන් ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

