Homeසියලුම පුවත්අයහපත් කාලගුණයෙන් 27,000කට වැඩි පිරිසක් පීඩාවට

අයහපත් කාලගුණයෙන් 27,000කට වැඩි පිරිසක් පීඩාවට

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 27,419 දෙනෙකු බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
අද (23) පස්වරුවේ නිකුත් කළ වාර්තාවකට අනුව, පවුල් 6,907කට අයත් මෙම පිරිස දිස්ත්‍රික්ක 6ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 34කින් වාර්තා වී තිබේ.
අයහපත් කාලගුණය හේතුවෙන් එක් පුද්ගල මරණයක් ද වාර්තා වී ඇති අතර, නිවාස දෙකක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව සඳහන් වේ.
තවද, නිවාස 807ක් අර්ධ හානිවලට ලක්ව ඇති අතර, බලපෑමට ලක්වූ ජනතාව සඳහා අවශ්‍ය සහන සහ ආරක්ෂක පියවර ක්‍රියාත්මක කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් දැනුම් දෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments