අස්වැසුම ප්‍රතිලාභීන් නිවැරදිව හඳුනාගෙන ලැයිස්තුගත කිරීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීමට මුදල් අමාත්‍යාංශය තුළ අද (28) විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණි.
එහිදී, දැනට පවතින නිර්ණායක සංශෝධනය කිරීම, ක්‍රියාවලිය කඩිනම් කිරීම සහ ඩිජිටල් තාක්ෂණය භාවිතයෙන් ප්‍රතිලාභීන් වඩාත් නිවැරදිව හඳුනා ගැනීම පිළිබඳව අවධානය යොමු කෙරිණි.
තවද, දිගුකාලීන පනත් සංශෝධන සමඟ කෙටි කාලීන විසඳුම් හඳුනා ගැනීම, ග්‍රාම නිලධාරීන් සක්‍රීයව සම්බන්ධ කර ගැනීම, පුරප්පාඩු පිරවීම සහ ගෙවීම් ක්‍රමවේද සංශෝධනය වැනි කරුණු පිළිබඳවද සාකච්ඡා විය.
මෙම අවස්ථාවට ආචාර්ය උපාලි පන්නිලගේ, අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ එරංග වීරරත්න යන අමාත්‍යවරුන් ඇතුළු නිලධාරීහු සහභාගී වූහ.
අස්වැසුම ප්‍රතිලාභීන් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය තවත් විධිමත් කරයි

