Homeදේශපාලනආණ්ඩුවෙන් කරන්න ඕන වැඩ සජබ මන්ත්‍රී අපේක්ෂකයෙක් කරයි

ආණ්ඩුවෙන් කරන්න ඕන වැඩ සජබ මන්ත්‍රී අපේක්ෂකයෙක් කරයි

දීර්ඝ කාලයක් මුලුල්ලෙ ලංකාගම,පිටදෙනිය ගම්මානයෙ ගම්වැසියන් හට එදිනෙදා ඔවුන්ගෙ අවශ්‍යතාවයන් සදහා භාවිතා කරන නෙලුව-ලංකාගම මාර්ගය දෙපස ලදු කැළෑ වර්ධනය වීම හේතුවෙන්, මාර්ගයෙ ගමන් කිරීමෙදී විශාල අපහසුතාවයකට මුහුණ දීමට සිදුවිය.මේ පිළිබදව ප්‍රාදේශීය සභාවේ ලේකම් තුමිය දැනුවත් කලත්,මාස ගනනක් ගත වුවත් මේ වන තෙක් ඒ සදහා කිසිදු පියවරක් ගෙන නොමැත.

ඒම හේතුවෙන්,ලංකාගම කොට්ඨාශය නියෝජනය කරමින්, නෙලුව ප්‍රාදේශීය සභාවේ,විපක්ශයෙ හිටපු මන්ත්‍රී, සජබ ප්‍රාදේශීය සභා අපේක්ෂක වික්‍රමරත්න කුමරගේ මහතා (කදුරාජා ) විසින් පෞද්ගලික මූල්‍ය දායකත්වයෙන් හා ප්‍රදේශවාසී හිතවතුන්ගෙ සහයෝගයද සහිතව
ඊයේ ( 2023/08/30 ) දීර්ග කාලයක් ලංකාගම/පිටදෙනිය/නිල්වැල්ල/කොලොන්තොටුව මාර්ගය දෙපස වල් බිහි වී ගම්වැසියන් හට පීඩාවක්ව වී තිබූ කැලෑ කපා ඉවත් කරමින් මාර්ගය ශුද්ධ පවිත්‍ර කලහ.

RELATED ARTICLES

Most Popular

Recent Comments