තරුෂි අභිෂේකා ආසියානු වයස අවුරුදු 20න් පහළ මලල ක්‍රීඩා තරගාවලියේ කාන්තා මීටර් 1500 ඉසව්වේ රන් පදක්කම දිනාගෙන තිබේ.
හොංකොං හි පැවැත්වෙන තරගාවලියේදී ඇය එම ඉසව්ව මිනිත්තු 4යි තත්පර 31යි දශම 4ක කාලයකින් අවසන් කරමින් මෙම ජයග්‍රහණය හිමිකර ගත්තාය.
එම ඉසව්වේ රිදී පදක්කම ඉරාන ක්‍රීඩිකාවකට හිමිව ඇති අතර, ලෝකඩ පදක්කම කොරියානු ක්‍රීඩිකාවක් විසින් දිනාගෙන තිබේ.
මේ අතර, පිරිමි මීටර් 3000 ඉසව්වට එක්වූ විදූෂාන් රාජේන්ද්‍රන් එම ඉසව්වේ 6වන ස්ථානය හිමිකරගෙන ඇත
ආසියානු U20 මලල ක්‍රීඩා පිටියෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක්

