මේ වසරේ ඉදිරි මාස හය තුළ ජල ගාස්තුවල සංශෝධනයක් සිදු නොවනු ඇති බව නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.
අමාත්‍යවරයා සඳහන් කළේ, වසරේ මුල් මාස හය තුළ ජල පිරිපහදු කටයුතු සඳහා මණ්ඩලයට දැරීමට සිදුවූ පිරිවැය සැලකිය යුතු ලෙස ඉහළ නොගිය බැවින් ජල ගාස්තු වැඩි කිරීමේ අවශ්‍යතාවක් මතු නොවන බවයි.
විදුලි ගාස්තු සියයට 18කින් ඉහළ ගියද, ජල නිෂ්පාදන පිරිවැයට එහි බලපෑම ඉතා සීමිත වන අතර, එක් ජල ඒකකයකට එම බලපෑම රුපියල් 2.50ක පමණ අගයක් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ඒ අනුව, ජූලි 1 සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළද ජල ගාස්තු සංශෝධනයක් සිදු නොවීමට වැඩි ඉඩක් පවතින බව සුසිල් රණසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ඉදිරි මාස 6ටත් ජල ගාස්තු ඉහළ නොයනු ඇත

