Homeසියලුම පුවත්ඉබෝලා වසංගතය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

ඉබෝලා වසංගතය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

ඉබෝලා වෛරස් වසංගත තත්ත්වය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමත් සමඟ ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂ ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අද (20) නිකුත් කළ නිවේදනයකට අනුව, කොංගෝ රාජ්‍යය සහ උගන්ඩාව තුළ මේ වන විට ඉබෝලා වෛරස් තත්ත්වය පැතිර යමින් පවතින බව සඳහන් කරයි.
ඒ අනුව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මත ගුවන්තොටුපළ නිරීක්ෂණ ශක්තිමත් කිරීම, සැක සහිත රෝගීන් සඳහා ජාතික බෝවන රෝග විද්‍යායතනය සූදානම් කර තැබීම, රෝග හඳුනාගැනීම සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනය සූදානම් කිරීම ඇතුළු ක්‍රියාමාර්ග 5ක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.
එමෙන්ම, ශ්‍රී ලංකාව ඉබෝලා රෝගය සඳහා අඩු අවදානම් රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කර ඇති බවද නිවේදනයේ සඳහන් වේ.
මෙම තත්ත්වය පිළිබඳව අනවශ්‍ය භීතියක් ඇතිකර ගැනීම අවශ්‍ය නොවන බවත්, අවශ්‍ය සියලු සෞඛ්‍ය ආරක්ෂණ පියවර මේ වන විටත් ගෙන ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments