ඉබෝලා වෛරසය ආශ්රිත අවදානම් තත්ත්වයන්ට මුහුණදීම සඳහා අවශ්‍ය සියලු පෙර සූදානම් කටයුතු සිදුකර ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානම් සැලසුම් සහ පෙරහුරුවීම් ක්‍රියාත්මක කර ඇති අතර, කොංගෝව සහ උගන්ඩාව වැනි රටවලින් පැමිණෙන පුද්ගලයින් පිළිබඳ විශේෂ නිරීක්ෂණයක්ද සිදුකරයි.
ගුවන් තොටුපොළ සහ වරාය හරහා පැමිණෙන මගීන් නිරීක්ෂණය කරන අතර, සැකකටයුතු රෝග ලක්ෂණ සහිත පුද්ගලයින් පිළිබඳ තොරතුරු වහාම වසංගත රෝග විද්‍යා අංශයට දැනුම් දීමට පියවර ගෙන ඇත.
එමෙන්ම, ඉබෝලා ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා ජාතික බෝවන රෝග ආයතනය (IDH) ද සූදානම් කර ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.
ඉබෝලා වෛරසයට මුහුණදීමට ශ්‍රී ලංකාව සූදානම්

