Homeසියලුම පුවත්උදයනිධි ස්ටාලින් පොලිස් අඩස්සියට

උදයනිධි ස්ටාලින් පොලිස් අඩස්සියට

DMK පක්ෂයේ ප්‍රබල නායකයෙකු වන උදයනිධි ස්ටාලින් අද (04) උදෑසන චෙන්නායිහි පිහිටි ඔහුගේ නිවසේදී පොලිස් අඩස්සියට ගෙන තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, මෑතකදී පැවති දේශපාලන රැලියකදී තමිල්නාඩු මහ ඇමති සී. ජෝසෆ් විජේ (තලපති විජේ) සම්බන්ධයෙන් සිදුකළ බව කියන අපහාසාත්මක ප්‍රකාශ හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි.

එම අවස්ථාවේ උදයනිධිගේ ආධාරකරුවන් විසින් ජනප්‍රිය දකුණු ඉන්දීය නිළි ත්‍රිෂා සම්බන්ධයෙන්ද අපහාසාත්මක සටන් පාඨ ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් තමිළග වෙට්‍රි කසාගම් (TVK) පක්ෂය පොලීසියට සහ ජාතික කාන්තා කොමිසමට පැමිණිලි කර ඇති අතර, ඒ අනුව විමර්ශන ආරම්භ කළ පොලීසිය උදයනිධි ස්ටාලින් පොලිස් අඩස්සියට ගෙන තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments