Homeසියලුම පුවත්උද්ධමනය 7% දක්වා ඉහළ යාමේ අවදානමක් – මහ බැංකු අධිපති

උද්ධමනය 7% දක්වා ඉහළ යාමේ අවදානමක් – මහ බැංකු අධිපති

මැදපෙරදිග කලාපයේ පවතින යුද ගැටුම් සහ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ශ්‍රී ලංකාවේ උද්ධමනය සියයට 7 දක්වා ඉහළ යා හැකි බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කර ඇත.
ඔහු පෙන්වා දෙන්නේ, කෙටි කාලයකින් අවසන් වනු ඇතැයි අපේක්ෂා කළ මැදපෙරදිග යුද තත්ත්වය දිගුකාලීනව පැවතීම හේතුවෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට ද බලපෑම් එල්ල වී ඇති බවයි.
ඊයේ (01) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ, ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ උද්ධමන පීඩනය තවදුරටත් වර්ධනය විය හැකි බවයි.
එම අවදානම සැලකිල්ලට ගනිමින් ඉල්ලුම පාලනය කර උද්ධමනය මැඩපැවැත්වීම සඳහා මුදල් ප්‍රතිපත්තිය තවදුරටත් දැඩි කිරීමට පියවර ගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.
මේ අතර, නීත්‍යානුකූලව උපයාගත් ඕනෑම මුදලක් බැංකු පද්ධතිය හරහා ශ්‍රී ලංකාවට එවීමට කිසිදු බාධාවක් නොමැති බවත්, නීතිවිරෝධී ආදායම් සම්බන්ධයෙන් පමණක් සීමා පවතින බවත් මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments