Homeසියලුම පුවත්උසස් පෙළ විභාගය අදින් ඇරඹෙයි

උසස් පෙළ විභාගය අදින් ඇරඹෙයි

2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (10) ආරම්භ වන අතර, එය සැප්තැම්බර් 05 වැනිදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,532කදී පැවැත්වීමට නියමිතය.

මෙවර විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 264,496ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 107,814ක් ඇතුළුව සමස්ත අයදුම්කරුවන් 372,310 දෙනෙකු පෙනී සිටීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

විභාගය ආරම්භ වීමට පැයකට පෙර සියලුම අයදුම්කරුවන් විභාග මධ්‍යස්ථාන වෙත පැමිණ සිටිය යුතු බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය දැනුම්දී තිබේ.

ජංගම දුරකථන, ස්මාර්ට් අත්ඔරලෝසු, සටහන්, බ්ලූටූත් ඇතුළු කිසිදු ඉලෙක්ට්‍රොනික උපකරණයක් විභාග ශාලාව තුළට රැගෙන ඒම සම්පූර්ණයෙන්ම තහනම් බවද සඳහන් කර ඇත.

විභාග නීති රීතිවලට අනුකූලව කටයුතු කරමින් විභාග වංචාවලින් වළකින ලෙසත්, විභාග වංචා හේතුවෙන් පසුගිය වසරවල සිසුන් රැසකගේ ප්‍රතිඵල අත්හිටුවීමට සිදුවූ බවත් විභාග කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කළාය.

යම් හදිසි ආපදා තත්ත්වයක් මතුවුවහොත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට විභාග දෙපාර්තමේන්තුව සූදානමින් සිටින බවද ඇය පැවසුවාය.

RELATED ARTICLES

Most Popular

Recent Comments