මුල්ලේරියාව පොකුණුගොඩ ප්රදේශයේදී කැලණි ගඟේ දිය නෑමට ගොස් දියේ ගිලී අතුරුදන් වූ 26 හැවිරිදි තරුණයා සොයා දෙවන දිනටත් අද (30) මෙහෙයුම් ක්රියාත්මක කර තිබේ.
මෙම අනතුර ඊයේ (29) සිදුව ඇති අතර, මුල්ලේරියාව පොලීසිය සහ පොලිස් නාවික කොට්ඨාසයේ කිමිදුම් ඒකකය එක්ව විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කර ඇත.
කෙසේ වෙතත්, මේ වනතෙක් අතුරුදන් වූ තරුණයාගේ සිරුර සොයා ගැනීමට නොහැකි වී ඇති බව නිලධාරීන් සඳහන් කරයි.
කැලණි ගඟේ ගිලී අතුරුදන් වූ තරුණයා සොයා මෙහෙයුම් අඛණ්ඩව

