Homeසියලුම පුවත්කොටිපති ව්‍යාපාරිකයාගේ රුපියල් ලක්ෂ 80ක් සොරාගත් සේවකයෙක් අත්අඩංගුවට

කොටිපති ව්‍යාපාරිකයාගේ රුපියල් ලක්ෂ 80ක් සොරාගත් සේවකයෙක් අත්අඩංගුවට

මීගොඩ උඩගෙවත්ත ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ නිවසේ තිබූ රුපියල් ලක්ෂ 80කට වැඩි මුදලක් සොරාගත් එම ව්‍යාපාරිකයාගේ සේවකයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 50කට වැඩි මුදලක්ද සොයාගෙන ඇති බව පොලිසිය පවසයි.
වෙසක් නිවාඩුවේදී ව්‍යාපාරිකයා සහ පවුලේ අය කතරගම වන්දනාවට ගොස් සිටි අවස්ථාවේදී මෙම සොරකම සිදුව ඇති අතර, පසුව සීසීටීවී දර්ශන ඔස්සේ සැකකරු හඳුනාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු 26 හැවිරිදි තරුණයෙකු වන අතර ඔහු හෝමගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

RELATED ARTICLES

Most Popular

Recent Comments