Homeසියලුම පුවත්ගොතටුව සහ රාජගිරිය අවට රථ වාහන ධාවනය සීමා කෙරේ

ගොතටුව සහ රාජගිරිය අවට රථ වාහන ධාවනය සීමා කෙරේ

ගොතටුව මාදින්නාගොඩ ශ්‍රී සුරම්‍යාරාම පුරාණ විහාරස්ථානයේ පැවැත්වෙන ඇසළ මහා පෙරහැර හේතුවෙන් අද (30) පස්වරු 6.30 සිට රථ වාහන ගමනාගමනය සීමා කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.
පෙරහැර මාදින්නාගොඩ සිට මහනියර හන්දිය, 175 බස් මාර්ගය, බුත්ගමුව පාර, අඹගහහන්දිය, කොටුවේගොඩ හරහා රාජගිරිය දක්වා ගමන් කිරීමට නියමිතය.
අනතුරුව රාජගිරිය සිට මැදවැලිකඩ පාර, මාදින්නාගොඩ සහ MDH ජයවර්ධන මාවත ඔස්සේ පෙරහැර විහාරස්ථානය වෙත පැමිණීමට නියමිතව ඇත.
එම කාලය තුළ අදාළ මාර්ග භාවිත කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය දැනුම් දෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments