Homeසියලුම පුවත්චාවකච්චේරිය මූලික රෝහලට නව ඖෂධ ගබඩාවක් සහ නිල නිවාස සංකීර්ණයක්

චාවකච්චේරිය මූලික රෝහලට නව ඖෂධ ගබඩාවක් සහ නිල නිවාස සංකීර්ණයක්

චාවකච්චේරිය මූලික රෝහලේ අංගසම්පූර්ණ ඖෂධ ගබඩාවක්, කාර්ය මණ්ඩල නිල නිවාස සංකීර්ණයක් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් සඳහා මුල්ගල තැබීමට නියමිතය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (19) පෙරවරුවේ චාවකච්චේරිය මූලික රෝහල් පරිශ්‍රයේදී එම කටයුතු සිදුකිරීමට නියමිතව තිබේ.

මෙම ව්‍යාපෘති සඳහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 282.52කි.

උතුරු පළාතේ ජනතාවට වඩාත් ගුණාත්මක සහ කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ අරමුණින් රජය ක්‍රියාත්මක කරන නව වැඩසටහන් යටතේ මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙන බව සඳහන්ය.

අදාළ ඉදිකිරීම් 2027 වසරේ අගෝස්තු මාසය වනවිට අවසන් කිරීමට සැලසුම් කර තිබේ.

මීට සමගාමීව රෝහලේ සෝපානය ඇතුළු යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ තවත් ව්‍යාපෘතියක්ද ආරම්භ කිරීමට නියමිත අතර, ඒ සඳහා රුපියල් මිලියන 53ක මුදලක් වෙන්කර ඇත.

උතුරු පළාත් සභා ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කෙරෙන එම ව්‍යාපෘතිය 2027 මැයි මාසය වනවිට අවසන් කිරීමට සැලසුම් කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments