ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වන ජන රැලි මාලාව අද (06) සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.
“අපේ ආණ්ඩුව වසර දෙකයි – රටට සුබයි” යන තේමාව යටතේ මෙම ජන රැලි මාලාව පැවැත්වීමට නියමිතය.
එහි පළමු අදියර කළුතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් අද පස්වරුවේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
ඒ අනුව බුලත්සිංහල සහ බේරුවල නගරවල ජන රැලි පැවැත්වීමට නියමිත අතර, පළමු රැලිය අද පස්වරු 2.00ට බුලත්සිංහලදී ආරම්භ වන අතර පස්වරු 3.30ට බේරුවල ජන රැලිය පැවැත්වීමට නියමිතය.

