Homeසියලුම පුවත්ජූනි මාසයේ සංචාරක පැමිණීම් සියයට 10කින් පහළට

ජූනි මාසයේ සංචාරක පැමිණීම් සියයට 10කින් පහළට

පසුගිය වසරේ ජූනි මාසයට සාපේක්ෂව මේ වසරේ ජූනි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව සියයට 9.9කින් පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ඒ අනුව, ජූනි මාසය තුළ මෙරටට සංචාරය කළ විදේශීය සංචාරකයින් සංඛ්‍යාව 138,241ක් ලෙස වාර්තා වී තිබේ.
එම මාසයේ වැඩිම සංචාරකයින් පිරිස ඉන්දියාවෙන් පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 43,423කි. එය සමස්ත සංචාරක පැමිණීම්වලින් සියයට 35ක් ලෙස සඳහන් වෙයි.
මීට අමතරව, එක්සත් රාජධානියෙන් සංචාරකයින් 10,474ක්, ඔස්ට්‍රේලියාවෙන් 8,710ක්, චීනයෙන් 8,224ක් සහ එක්සත් ජනපදයෙන් 3,806ක් මෙරටට පැමිණ ඇති බවද එම අධිකාරිය පෙන්වා දෙයි.
මේ අතර, මේ වසරේ ගෙවුණු මාස හය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,146,573ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් වැඩිම පිරිස ඉන්දියාවෙන් පැමිණි සංචාරකයින් බවද සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments