Homeසියලුම පුවත්ජූනි 15 සිට දිවයින පුරාඩෙංගු මර්දන සතියක්

ජූනි 15 සිට දිවයින පුරාඩෙංගු මර්දන සතියක්

ඩෙංගු රෝග ව්‍යාප්තිය ඉහළ යාම සැලකිල්ලට ගනිමින් ලබන 15 වනදා සිට දිවයින පුරා ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත් කිරීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය තීරණය කර තිබේ.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ, ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම සහ රෝග ව්‍යාප්තිය පාලනය කිරීම මෙහි ප්‍රධාන අරමුණ බවයි.
ඒ අනුව, පළාත් පාලන ආයතන සහ සෞඛ්‍ය අංශ එක්ව විශේෂ මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර ඇත.
පසුගිය 8, 9 සහ 10 යන දිනවලද දිවයින පුරා විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබූ බව වාර්තා වෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments