Homeසියලුම පුවත්ඩයමන්ඩ් ලීග් තරගාවලියේ රුමේෂ්ගෙන් ඉතිහාසගත දක්ෂතාවක්

ඩයමන්ඩ් ලීග් තරගාවලියේ රුමේෂ්ගෙන් ඉතිහාසගත දක්ෂතාවක්

ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ මොරොක්කෝ අදියරේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දෙවන ස්ථානය දිනාගැනීමට රුමේෂ් තරංග සමත්වී තිබේ.
ඔහු මීටර් 85.97ක දක්ෂතාවක් වාර්තා කළ අතර, එය ඩයමන්ඩ් ලීග් තරගාවලියක ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු දැක්වූ ඉහළම දක්ෂතාව ලෙසද සැලකේ.
මෙම දක්ෂතාවත් සමඟ රුමේෂ් තරංග පිරිමි හෙල්ල විසිකිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල 7 වැනි ස්ථානයේ සිට 5 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට නියමිතය.

RELATED ARTICLES

Most Popular

Recent Comments