වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 92,011 දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම ඩෙංගු රෝගය හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව ද මේ වන විට 68ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.
මේ වන විට දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශ 96ක් අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබේ.
සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් වැඩිම පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 48,725කි. දකුණු පළාතෙන් රෝගීන් 13,533ක්, මධ්‍යම පළාතෙන් 8,274ක් සහ සබරගමුව පළාතෙන් 7,558ක් වාර්තා වී ඇත.
දිස්ත්‍රික් මට්ටමින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 19,631කි. කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 18,245ක් වාර්තා වී තිබේ.
මෙම වසරේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් ජූලි මාසයේදී වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 29,968කි. අගෝස්තු මාසයේ මුල් දින 15 තුළ පමණක් රෝගීන් 6,671ක් වාර්තා වී තිබේ.
ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කර පරිසරය පිරිසිදුව තබා ගන්නා ලෙසත්, උණ රෝග ලක්ෂණ පවතින්නේ නම් ප්‍රමාද නොවී සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබා ගන්නා ලෙසත් සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී.

