Homeසියලුම පුවත්ඩෙංගු රෝගීන් වැඩිවීමෙන් රෝහල් ධාරිතාව ඉක්මවීමේ අවදානමක්

ඩෙංගු රෝගීන් වැඩිවීමෙන් රෝහල් ධාරිතාව ඉක්මවීමේ අවදානමක්

දිවයින පුරා ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් රෝහල්වල ධාරිතාව ඉක්මවා යාමේ දැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා ප්‍රකාශ කර ඇත්තේ මේ වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 35,228 දෙනෙකු වාර්තා වී ඇති බවයි.
මෙය පසුගිය වසරට සාපේක්ෂව සියයට 30–40 අතර ඉහළ යාමක් වන අතර, අධික වර්ෂාපතනය සහ කාලගුණ වෙනස්වීම් මෙයට ප්‍රධාන හේතු ලෙස දැක්වෙයි.
වර්තමානයේ දිවයිනේ සියලු දිස්ත්‍රික්කවලින් රෝගීන් වාර්තා වන අතර, ඉන් අඩකට ආසන්න ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් බව සඳහන් වේ.
විශේෂයෙන් කොළඹ, ගම්පහ, රත්නපුර, මාතර, ගාල්ල සහ මහනුවර යන දිස්ත්‍රික්කවල රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී ඇති බවද වාර්තාවේ.
ඊයේ (05) දිනයේ තවත් මරණයක් වාර්තා වීමත් සමග මේ වසරේ ඩෙංගු මරණ සංඛ්‍යාව 20 දක්වා ඉහළ ගොස් ඇත.
පවතින අවදානම හේතුවෙන් ජුනි 08 සිට 10 දක්වා දිවයින පුරා විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටද සෞඛ්‍ය අංශ සැලසුම් කර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments