Homeසියලුම පුවත්ඩොලරයේ ඉහළ යාමෙන් භාණ්ඩ මිලත් ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීමක්

ඩොලරයේ ඉහළ යාමෙන් භාණ්ඩ මිලත් ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීමක්

රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වුවහොත් ඉන්ධන, විදුලිය, ජල බිල්පත් සහ භාණ්ඩ මිල ගණන් ඉදිරියේදී ඉහළ යා හැකි බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙයි.
ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, මහ බැංකුව විසින් ඩොලර් මිලදී ගැනීම සහ පද්ධතිය තුළ රුපියල් ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන් ඩොලර් සඳහා ඇති ඉල්ලුම වැඩිවී රුපියල අවප්‍රමාණය වන බවයි.
එමෙන්ම, ලෝක භූ දේශපාලන තත්ත්වයන් හේතුවෙන් සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ඩොලර් ආදායම පහළ යාම සහ අපනයන ක්ෂේත්‍රයට ඇති බලපෑම්ද විදේශ විනිමය ප්‍රවාහයට බලපා ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
රුපියල තවදුරටත් අවප්‍රමාණය වුවහොත් පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ යා හැකි අතර, එමඟින් උද්ධමනය ඉහළ යාමේ අවදානමක් පවතින බවද ඔහු සඳහන් කළේය.
මේ අතර, ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේ අද (15) අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 331.15ක් ලෙස සටහන් වූ බවයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments