කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ රළු මුහුදු තත්ත්වයන් සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනය අද (31) පස්වරු 4.30ට නිකුත් කර ඇති අතර, එය හෙට (01) පස්වරු 4.30 දක්වා බලපැවැත්වේ.
නිවේදනයට අනුව මුලතිව් සිට කන්කසන්තුරය සහ මන්නාරම හරහා හලාවත දක්වාත්, ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 60ත් 65ත් අතර දක්වා ඉහළ යා හැකිය.
එම හේතුවෙන් අදාළ මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බවද කාලගුණ අංශ පෙන්වා දෙයි.
ඒ අනුව එම මුහුදු කලාපවල ධීවර හා නාවික කටයුතුවල නිරත වන පිරිස් දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස දැනුම් දී ඇත.
තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

