Tuesday, April 21, 2026
Homeසියලුම පුවත්තර්ජන මත සාකච්ඡා නොකරන බව ඉරානයෙන් ප්‍රබල අනතුරු ඇඟවීමක්

තර්ජන මත සාකච්ඡා නොකරන බව ඉරානයෙන් ප්‍රබල අනතුරු ඇඟවීමක්

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තර්ජන සහ සටන් විරාම උල්ලංඝනය කිරීම් මගින් රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවලියට හානි සිදු කරන බව ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බාකර් ගාලිබාෆ් පවසයි.
ඔහු සිය X ගිණුම ඔස්සේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, පීඩනය සහ තර්ජන හමුවේ කිසිදු සාකච්ඡාවකට ඉරානය සූදානම් නොමැති බවයි.
වොෂින්ටනය උත්සාහ කරන්නේ සාකච්ඡා ක්‍රියාවලිය “යටත් වීමේ වේදිකාවක්” බවට පත් කිරීමට බවද ඔහු චෝදනා කර තිබේ.
එමෙන්ම, නොසන්සුන්තාව තවදුරටත් උත්සන්න වුවහොත් යුද ක්ෂේත්‍රයේ නව උපාය මාර්ග භාවිතා කිරීමට ඉරානය සූදානම් බවටද ඔහු අනතුරු අඟවා ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments