වර්තමාන ගෝලීය අර්බුද හමුවේ සම්බුද්ධ දේශනාවන්ගේ ආලෝකයෙන් ජීවිත ප්‍රභාමත් කරගැනීමේ වැදගත්කම අවධාරණය කරමින් ත්‍රෛනිකායික මහානායක මාහිමිපාණන් වහන්සේලා වෙසක් දින පණිවුඩයක් නිකුත් කර තිබේ.
හේතුඵලවාදී දර්ශනය තුළින් දුක, එහි හේතුව, දුක නැති කිරීම සහ ඒ සඳහා වූ මාර්ගය පැහැදිලි කරන ශ්‍රී සම්බුද්ධ දේශනාව අනුව ජීවිත හැඩගස්වා ගැනීම සම්බුදු තෙමඟුලේ සැබෑ අර්ථය බව එම පණිවුඩයේ සඳහන් වෙයි.
එමෙන්ම, ලෝභය, ද්වේශය, භය සහ මෝහය යන අගතිවලින් මිදී මෙත්තා, කරුණා, මුදිතා සහ උපේක්ෂා යන බ්‍රහ්මවිහාර ධර්මයන් වර්ධනය කරගනිමින් ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දිය යුතු බවද මහානායක හිමිවරුන් අවධාරණය කර ඇත.
රත්නත්‍රයේ ආශිර්වාදයෙන් සැමට ධර්මාලෝකයෙන් පිරුණු සුබ වෙසක් මංගල්‍යයක් උදාවේවායි ප්‍රාර්ථනා කරමින් එම පණිවුඩය නිකුත් කර තිබේ.
ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගේ වෙසක් පණිවුඩය

