Homeසියලුම පුවත්තායි රජුගේ වැඩිමහල් දියණිය අභාවප්‍රාප්ත වෙයි

තායි රජුගේ වැඩිමහල් දියණිය අභාවප්‍රාප්ත වෙයි

තායිලන්තයේ රජු වන මහා වජිරලොන්කෝන්ගේ වැඩිමහල් දියණිය වූ බජ්රකිටියාබා නරේන්දිරා දෙබ්යාවතී කුමරිය අභාවප්‍රාප්ත වී ඇති බව එරට රාජකීය මාළිගාව නිවේදනය කර තිබේ.
වසර හතරකට ආසන්න කාලයක් කෝමා තත්ත්වයෙන් පසුවූ ඇය මිය යන විට 47 වැනි වියේ පසුවූවාය.
2022 දෙසැම්බර් මාසයේදී හෘදයාබාධයකට ලක්වීමෙන් පසු ඇය සිහිසුන්ව කෝමා තත්ත්වයට පත්ව ඇති අතර එතැන් සිට ප්‍රතිකාර ලබමින් සිටියාය.
බජ්රකිටියාබා කුමරිය අඩු රුධිර පීඩනය, හෘද රිද්ම ආබාධ සහ වෙනත් සංකීර්ණ රෝග තත්ත්ව රැසකින්ද පීඩා විඳ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
1978 වසරේ උපත ලැබූ ඇය සමාජ සේවා කටයුතුවලට සක්‍රීයව දායක වූ අතර, විශේෂයෙන් කාන්තා සිරකරුවන්ගේ ජීවන තත්ත්වය නංවාලීම වෙනුවෙන් කැපී පෙනෙන සේවාවක් ඉටු කර

RELATED ARTICLES

Most Popular

Recent Comments