වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයින පුරා පැවැත්වීමට නියමිත දන්සැල් 2,388ක් මේ වනවිට ලියාපදිංචි වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
එහි ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කළේ, මැයි 29 වනදා දක්වා දන්සැල් ලියාපදිංචි කිරීමේ කටයුතු සිදුකරන බවයි.
දන්සලක් සංවිධානය කිරීමට අපේක්ෂා කරන පිරිස් හැකි ඉක්මනින් අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හරහා ලියාපදිංචි කටයුතු සිදුකරන ලෙසද ඔහු ඉල්ලීමක් කර තිබේ.
එමඟින් දන්සැල් සෞඛ්‍යාරක්ෂිතව සහ නිසි ක්‍රමවේදයන්ට අනුව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් හා දැනුවත් කිරීම් ලබාදීමට හැකි වන බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පෙන්වා දෙයි.
දන්සැල් ලියාපදිංචිය ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් දැනුම්දීමක්

