Homeසියලුම පුවත්දැයෙන් සමුගෙන ගිය නන්දා මාලනීගේ 83 වැනි ජන්ම දිනය අද

දැයෙන් සමුගෙන ගිය නන්දා මාලනීගේ 83 වැනි ජන්ම දිනය අද

ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ 83 වැනි ජන්ම දිනය අදට (23) යෙදී තිබේ.
පසුගිය 20 වැනිදා නාවල පිහිටි සිය නිවසේදී දිවි ගමන නිම කරන විට ඇය 82 වැනි වියේ පසුවූවාය.
1943 අගෝස්තු 23 වැනිදා අලුත්ගම, ලෙවන්දූව ප්‍රදේශයේදී නන්දා මාලනී මහත්මිය උපත ලැබුවාය.
නව යොවුන් වියේදී කොළඹ කොටහේන ප්‍රදේශයට පැමිණි ඇය ශ්‍රී ගුණානන්ද විද්‍යාලයට ඇතුළත් වූ අතර, එහිදී ඇයගේ ගායන කුසලතාව හඳුනාගත් ගුරුවරුන්ගේ මඟපෙන්වීම යටතේ සංගීත ක්ෂේත්‍රයට පිවිසීමට අවස්ථාව හිමි විය.
කාව්‍ය තරගයකදී ඇයගේ හැකියාව හඳුනාගත් ගුරුවරියක් විසින් ඇය කරුණාරත්න අබේසේකරයන් විසින් මෙහෙයවනු ලැබූ එවකට ජනප්‍රිය ගුවන්විදුලි වැඩසටහනක් වූ “ළමා මණ්ඩපය” වෙත හඳුන්වා දී තිබුණි.
එහිදී ඇය ගායනා කළ “බුදු සාදු” ගීතය අතිශය ජනප්‍රියත්වයට පත්වීමත් සමඟ ඇයගේ සංගීත දිවියට නව මංපෙතක් විවර විය.
1961 වසරේ නිෂ්පාදනය කරන ලද මෙරට පළමු වර්ණ චිත්‍රපටය ලෙස සැලකෙන “රන්මුතු දූව” චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් විසින් සිදුකරන ලදී. එම චිත්‍රපටයේ නාරද දිසාසේකර මහතා සමඟ යුග ගීයක් ගායනා කිරීමට නන්දා මාලනී මහත්මියට අවස්ථාව හිමි විය.
ඒ අනුව ඇය ගායනා කළ පළමු චිත්‍රපට ගීතය වූ “ගලන ගඟකි ජීවිතේ” අතිශය ජනප්‍රියත්වයට පත් විය.
නන්දා මාලනී මහත්මිය සිය සංගීත ජීවිතය තුළ ගායනා කළ ගීත රැසක් මෙරට රසික ජනතාව අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්විය.
ඒ අතර “පෙරදා මහ රෑ”, “පහන් කන්ද”, “සත්‍යයේ ගීතය”, “පවන ගී එකතුව”, “හේමන්තයේදී”, “තාරුකා ඇස්”, “පාවෙනා”, “සින්දු හෝඩිය”, “කිඳුරියකගේ විලාපය”, “මඳු බඳුන්”, “හඳහාමි”, “සංඛ පද්ම”, “පෙම්බර ලංකා”, “ග්‍රැමෆෝන් ගී”, “අරලිය ලන්දට”, “නිලම්බරේ”, “පිරිත් පැන්” සහ “ඔබයි රම්‍ය සඳ කිරණ” යන ගීතද ඇතුළත් වේ.
දශක ගණනාවක් පුරා මෙරට සංගීත ක්ෂේත්‍රයට මිල කළ නොහැකි අමිල මෙහෙවරක් ඉටු කළ නන්දා මාලනී මහත්මිය සම්මාන රැසකින්ද පිදුම් ලැබුවාය.
ඇයගේ අභාවය හේතුවෙන් රජය දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබූ අතර, පසුගිය 21, 22 සහ අද (23) එම ශෝක කාලයට ඇතුළත් විය.
නන්දා මාලනී මහත්මියගේ දේහය නාවල පිහිටි නන්දා මාලනී සංගීත ආශ්‍රමයේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබූ අතර, දේශපාලනඥයන්, කලාකරුවන් සහ මහජනතාව ඇතුළු විශාල පිරිසක් ඇයට අවසන් ගෞරව දැක්වීමට පැමිණියහ.
ඊයේ පෙරවරුවේ දේහය පිළිබඳ ආගමික

RELATED ARTICLES

Most Popular

Recent Comments