Homeසියලුම පුවත්දිස්ත්‍රික්ක 14ක ඩෙංගු ව්‍යාප්තිය සීඝ්‍රයෙන් ඉහළට

දිස්ත්‍රික්ක 14ක ඩෙංගු ව්‍යාප්තිය සීඝ්‍රයෙන් ඉහළට

දිවයිනේ දිස්ත්‍රික්ක 14ක ඩෙංගු රෝග ව්‍යාප්තිය ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය අනතුරු අඟවයි.
එහි අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා සඳහන් කළේ, තත්ත්වය පාලනය කිරීම සඳහා ඉදිරි දිනවලදී ඩෙංගු මර්දන පරීක්ෂණ සහ විශේෂ මෙහෙයුම් දැඩි ලෙස ක්‍රියාත්මක කරන බවයි.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම දත්ත අනුව, ජුනි 5 වනදා වන විට ඩෙංගු රෝගීන් 36,168 දෙනෙකු වාර්තා වී ඇති අතර වැඩිම රෝගීන් සංඛ්‍යාව බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබේ.
මේ අතර මාතර, ගාල්ල, රත්නපුර, කෑගල්ල, පුත්තලම සහ මහනුවර දිස්ත්‍රික්කවලින්ද සැලකිය යුතු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව සඳහන් වේ.
ඩෙංගු හේතුවෙන් මේ දක්වා මරණ 20ක් වාර්තා වී ඇති අතර, ඉන් තිදෙනෙකු කුඩා ළමුන් බවද අනාවරණය වී තිබේ.
උද්ගත වී ඇති අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් හෙට (08) සිට 10 වැනිදා දක්වා දිස්ත්‍රික්ක 14කට අයත් MOH කොට්ඨාශ 72ක් ආවරණය වන පරිදි විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments