හලාවත සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක ත්‍රිරෝද රථයක් ගැටීමෙන් අද (09) උදෑසන 7.10ට පමණ සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
කපුවත්ත සහ කඳාන අතර දුම්රිය හරස් මාර්ගයේදී මෙම අනතුර සිදුව ඇති අතර, අනතුරින් ත්‍රිරෝද රථයේ රියදුරු සහ එහි ගමන්ගත් 75 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇත.
දුම්රිය හරස් මාර්ගයේ අනතුරු ඇඟවීමේ සංඥා සහ සීනුව ක්‍රියාත්මකව තිබියදීත් ත්‍රිරෝද රථය මාර්ගය හරහා ගමන් කිරීමට උත්සාහ කිරීමෙන් මෙම අනතුර සිදුව ඇති බවද සඳහන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් කඳාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
දුම්රියක ත්‍රිරෝද රථයක් ගැටී දෙදෙනෙකු මරුට

