Homeසියලුම පුවත්දුම්වැටි තොගයක් සමග චීන ජාතිකයින් 14ක් රේගු භාරයට

දුම්වැටි තොගයක් සමග චීන ජාතිකයින් 14ක් රේගු භාරයට

රුපියල් මිලියන 20කට අධික වටිනාකමකින් යුත් විදේශීය දුම්වැටි තොගයක් සමග චීන ජාතිකයන් 14 දෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අද (28) අලුයම ක්වාලාලම්පූර් සිට පැමිණි ගුවන් යානයකින් ආ මෙම පිරිසගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී, සූක්ෂම ලෙස සඟවා තිබූ සිගරට් කාටුන් 691ක් සොයාගෙන ඇති බව වාර්තා වෙයි.
එම දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් මිලියන 20.73ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, රේගු විමර්ශනවලින් අනතුරුව භාණ්ඩ රාජසන්තක කිරීමට නියෝග කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments