Homeසියලුම පුවත්දුම්වැටි තොගයක් සමඟ චීන ව්‍යාපාරිකයන් සිව්දෙනෙකු අත්අඩංගුවට

දුම්වැටි තොගයක් සමඟ චීන ව්‍යාපාරිකයන් සිව්දෙනෙකු අත්අඩංගුවට

රුපියල් මිලියන 10.8ක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ චීන ගුවන් මගීන් සිව්දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරුවන් සිව්දෙනා අද (01) අලුයම තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණි ගුවන් යානයකින් කටුනායකට පැමිණ ඇති අතර, ඔවුන්ගේ ගමන් මලු 06ක් තුළ සඟවා තිබූ දුම්වැටි කාටූන් 360ක් තුළ දුම්වැටි 72,000ක් පමණ අඩංගු බව රේගු නිලධාරීහු පවසති.
“හරිත මාවත” ඔස්සේ මෙම දුම්වැටි පිටකර ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශ නිලධාරීන් විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර, මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතී.

RELATED ARTICLES

Most Popular

Recent Comments