Homeසියලුම පුවත්දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත වෙයි

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත වෙයි

දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත අද (08) පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත කර ගෙන තිබේ. එය ඡන්ද විමසීමකින් තොරව සම්මත වූ බව පාර්ලිමේන්තුව සඳහන් කරයි. 0

අදාළ පනත් කෙටුම්පතේ දෙවන වර කියවීමේ විවාදය අද පැවැති අතර, විවාදයෙන් අනතුරුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් සංශෝධන ඉදිරිපත් කර තිබේ.

2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත ක්‍රියාත්මක කිරීමේදී හඳුනාගෙන ඇති නීතිමය, අර්ථ නිරූපණමය, පරිපාලනමය සහ තාක්ෂණික ගැටලු විසඳීම මෙම සංශෝධනවල ප්‍රධාන අරමුණකි.

එමෙන්ම සිංහල සහ ඉංග්‍රීසි පනත් පාඨ අතර පවතින නොගැළපීම්, දූෂණ වැරදි සම්බන්ධයෙන් විමර්ශන හා නඩු පැවරීමේදී මතුවන ගැටලු සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාවේ පරිපාලන කටයුතු සම්බන්ධ කරුණුද සංශෝධන මගින් ආමන්ත්‍රණය කිරීමට නියමිතය.

මීට අමතරව, මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියක් ඔස්සේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය වඩාත් විධිමත් කිරීමද සංශෝධනවල අරමුණක් වේ.

මෙම සංශෝධන මගින් ශ්‍රී ලංකාවේ දූෂණයට එරෙහි නීතිමය හා ආයතනික රාමුව තවදුරටත් ශක්තිමත් කිරීමටත්, දූෂණ විරෝධී පනත වඩාත් ඵලදායී, විනිවිදභාවයෙන් සහ වගකීමෙන් යුතුව ක්‍රියාත්මක කිරීමටත් අපේක්ෂා කෙරේ. 1
“`2

RELATED ARTICLES

Most Popular

Recent Comments