කන්කසන්තුරය සිට කල්පිටිය දක්වා මුහුදු ප්‍රදේශවල නැවත දැනුම්දෙන තුරු යාත්‍රා කිරීමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දී තිබේ.
එම ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 60ත් 70ත් අතර දක්වා ඉහළ යා හැකි බැවින් මුහුද ඉතා රළු විය හැකි බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එමෙන්ම ත්‍රිකුණාමලය සිට මුලතිව් හරහා කන්කසන්තුරය දක්වාත්, කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර් 50 සිට 60 දක්වා ඉහළ යා හැකි අතර එම මුහුදු ප්‍රදේශද විටින් විට රළු විය හැකි බවට අනතුරු අඟවා ඇත.
මීට අමතරව, මන්නාරම සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල රළ උස මීටර් 2.0 සිට 2.5 දක්වා ඉහළ යා හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ධීවර හා නාවික ප්‍රජාවට විශේෂ අනතුරු ඇඟවීමක්

