මෙරට ඛනිජ ක්ෂේත්රයේ සංවර්ධනය සහ තිරසාර කළමනාකරණය ඉලක්ක කර ගනිමින් නව ජාතික ඛනිජ ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
අමාත්‍යාංශය සඳහන් කළේ මෙම නව ප්‍රතිපත්තිය ජුනි 01 වැනිදා සිට බලාත්මක වන බවයි.
දේශීය ඛනිජ සම්පත්වල ගුණාත්මකභාවය, අගය එකතු කළ නිෂ්පාදන සංවර්ධනය, පරිසර සංරක්ෂණය, පර්යේෂණ හා සංවර්ධන කටයුතු සහ ආයෝජන හිතකාමී නියාමන රාමුවක් ස්ථාපිත කිරීම මෙම ප්‍රතිපත්තියේ ප්‍රධාන අරමුණු අතර වේ.
එමෙන්ම, ජාතික ඛනිජ සම්පත් ලේඛනයක් යාවත්කාලීනව පවත්වාගෙන යාම, ඛනිජ සම්පත් තිරසාර ලෙස භාවිත කිරීම සහ ඛනිජ කර්මාන්තයට අදාළ ඉඩම් ගැටලු සඳහා විසඳුම් සැපයීම කෙරෙහිද මෙම ප්‍රතිපත්තියෙන් අවධානය යොමු කර ඇත.
අදාළ ආයතන සහ පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රියාත්මක කිරීමේ සැලසුම් සකස් කරමින් ඛනිජ ක්ෂේත්රය ශක්තිමත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.
නව ජාතික ඛනිජ ප්‍රතිපත්තිය බලාත්මකයි

