Homeසියලුම පුවත්නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම එජාපය හෙළාදකී

නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම එජාපය හෙළාදකී

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගැනීම දැඩි ලෙස හෙළාදකින බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය සඳහන් කර ඇත්තේ, මෙම අත්අඩංගුවට ගැනීමේ අරමුණ මේ මස 12 වනදා අනුරාධපුර නගරයේ පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනතා රැලිය කඩාකප්පල් කිරීම බවයි.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට රට පුරා ගොස් රැස්වීම් පැවැත්වීමට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය මෙන්ම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාටද එම අයිතිය ඇති බව පිළිගත යුතු බව එක්සත් ජාතික පක්ෂය සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments