Homeසියලුම පුවත්නාමල් රාජපක්ෂ යළිත් රිමාන්ඩ්

නාමල් රාජපක්ෂ යළිත් රිමාන්ඩ්

ශ්‍රීලංකන් ගුවන් සමාගමට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී රුපියල් මිලියන 100ක අල්ලසක් ලබාගත් බවට චෝදනා එල්ල වී රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා තවදුරටත් මේ මස 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ඔහු ඉදිරිපත් කළ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය ද එදින ප්‍රකාශයට පත් කරන බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.

අල්ලස් කොමිසම වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතාත්, නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතාත් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා මෙම නියෝගය ලබා දී තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments