නීතිවිරෝධී ලෙස සන්නිවේදන උපකරණ භාවිත කරමින් පවත්වාගෙන ගිය රූපවාහිනී සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්තිඩිය පාරේ පිහිටි ගොඩනැගිල්ලක මෙම මධ්‍යස්ථානය පවත්වාගෙන යන බවට ලද තොරතුරකට අනුව, ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත ඊයේ (19) මෙම වැටලීම සිදුකර ඇත.
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් එක්ව සිදුකළ මෙහෙයුමේදී, නීතිවිරෝධීව මෙරටට ගෙන්වූ සම්ප්‍රේෂණ උපකරණ සමඟ විදේශීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ගල්කිස්ස පොලීසිය වෙත භාරදී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු 55 හැවිරිදි මාලදිවයින් ජාතිකයෙකු වන අතර, ඔහු කළුබෝවිල ප්‍රදේශයේ පදිංචිව සිට ඇති බව සඳහන්ය.
මෙහිදී රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් සන්නිවේදන උපකරණ තොගයක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
නීතිවිරෝධී රූපවාහිනී සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් වටලයි

