නේපාලයට බලපා ඇති ක්ෂණික ගංවතුර හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 157 දක්වා ඉහළ ගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ විදෙස් සංචාරකයින් ඇතුළු පුද්ගලයින් 500කට වැඩි පිරිසක් තවදුරටත් අතුරුදන්ව ඇති බවයි.
ටිබෙටයේ ග්ලැසියර් සහ විල් ආශ්‍රිතව ආරම්භ වන බොත් කොශී, ත්‍රිෂූලි සහ නාරයනී යන ගංගා පෙර නොවූ විරූ ලෙස පිටාර ගලා ඇති බවද වාර්තා වේ.
දේශසීමා ආසන්න නගරවල මාර්ග සහ පාලම් රැසක් විනාශ වී ඇති අතර, සන්නිවේදන, අන්තර්ජාල සහ විදුලි සැපයුම්ද තවදුරටත් බිඳ වැටී පවතී.
2015 වසරේදී පුද්ගලයින් 9,000කට ආසන්න පිරිසකට දිවි අහිමි කළ මැග්නිටියුඩ් 7.9ක භූමිකම්පාවෙන් පසු නේපාලය මුහුණ දුන් දරුණුතම ස්වභාවික ව්‍යසනය මෙය බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
මේ අතර, නේපාලයේ සිදුවූ මෙම ආපදා තත්ත්වයෙන් ශ්‍රී ලාංකිකයින්ට බලපෑමක් සිදුව ඇති බවට මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
නේපාලයේ ක්ෂණික ගංවතුරින් මියගිය සංඛ්‍යාව 157 දක්වා ඉහළට

