Homeසියලුම පුවත්නේපාලයේ හදිසි ජලගැලීමෙන් මියගිය ගණන 332ක් දක්වා ඉහළට

නේපාලයේ හදිසි ජලගැලීමෙන් මියගිය ගණන 332ක් දක්වා ඉහළට

නේපාල-ටිබෙට් දේශසීමාවේ සිදුවූ දැඩි ජලගැලීම් තත්ත්වය හේතුවෙන් නේපාලයේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 332ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට වේලාවෙන් ඊයේ (26) උදෑසන ඇති වූ මෙම හදිසි ජලගැලීම් හේතුවෙන් නේපාලයේ පුද්ගලයින් 800කට වැඩි පිරිසක් තවදුරටත් අතුරුදන්ව සිටින බව සඳහන් වේ.

අතුරුදන්වූවන් අතර චීන ජාතිකයින් 100කට ආසන්න පිරිසක් සිටින බව චීන විදේශ අමාත්‍යාංශය තහවුරු කර තිබේ.

මේ අතර, ටිබෙටයේද අවම වශයෙන් පුද්ගලයින් 558 දෙනෙකු අතුරුදන්ව ඇති අතර, පුද්ගලයින් තිදෙනෙකුගේ සිරුරු සොයාගෙන ඇති බව වාර්තා වේ.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය සහ ප්‍රදේශයේ භූගෝලීය පිහිටීම හේතුවෙන් ගලවාගැනීමේ මෙහෙයුම් දැඩි ලෙස සංකීර්ණ වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments