Homeසියලුම පුවත්පළමු විස්සයි20 තරගයෙන් ශ්‍රී ලංකාව පරදී

පළමු විස්සයි20 තරගයෙන් ශ්‍රී ලංකාව පරදී

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කර පළමු විස්සයි20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වී තිබේ.
මෙම ජයත් සමඟ තරග 3කින් සමන්විත තරගාවලියේ 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට කොදෙව්වන්ට හැකි විය.
ජැමෙයිකාවේ කිංග්ස්ටන්හි පැවති තරගයේදී ශ්‍රී ලංකාව ලබාදුන් ලකුණු 148ක ඉලක්කය කොදෙව් කණ්ඩායම කඩුලු 3ක් පමණක් දැවී පන්දුවාර 19.2කදී සම්පූර්ණ කළේය.
කොදෙව් ඉනිමේ නායකත්වයේ පිතිහරඹයක් දියත් කළ ෂේ හෝප් පන්දු 54කින් ලකුණු 65ක් රැස් කළේය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් වනිඳු හසරංග ලකුණු 32කට කඩුලු 2ක් දවාගැනීමට සමත් විය.

RELATED ARTICLES

Most Popular

Recent Comments