කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, අද (02) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක වැසි ඇතිවිය හැකි බවයි.
එමෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලට අමතරව හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ද විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර වේගයකින් තද සුළං හමනු ඇති බවට එම දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

