Department of Meteorology Sri Lanka විසින් ප්‍රදේශ කිහිපයක් සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
අද (19) පස්වරු 12.30ට නිකුත් කළ මෙම නිවේදනය රාත්‍රී 11.30 දක්වා බලපැවැත්වෙන බව සඳහන් වෙයි.
ඒ අනුව ඌව පළාතේ මෙන්ම මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල පස්වරු 2න් පසු ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු සහ තාවකාලික තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අකුණු අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස ජනතාවට දැනුම් දී ඇත.
ප්‍රදේශ කිහිපයකට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදයක්

