Homeසියලුම පුවත්ප්‍රධාන ජලාශවල ජල මට්ටම් ගැන වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් පැහැදිලි කිරීමක්

ප්‍රධාන ජලාශවල ජල මට්ටම් ගැන වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් පැහැදිලි කිරීමක්

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ පාලනය යටතේ පවතින ප්‍රධාන ජලාශ 73 තුළ ගබඩා කළ හැකි සමස්ත ජල ධාරිතාවෙන් සියයට 63ක ප්‍රමාණයක් මේ වනවිට රැස්ව ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව, මෙවර යල කන්නය සඳහා අවශ්‍ය ජල සැපයුම ප්‍රමාණවත් ලෙස ලබාදීමට හැකියාව පවතින බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.
දිස්ත්‍රික්ක අනුව ප්‍රධාන ජලාශවල ජල ධාරිතාව අම්පාර 41%, අනුරාධපුරය 81%, බදුල්ල 74%, මාතලේ 49%, ගාල්ල 72%, මහනුවර 93%, කුරුණෑගල 86%, මොනරාගල 76%, පොළොන්නරුව 71%, පුත්තලම 93%, ත්‍රිකුණාමලය 68% සහ මන්නාරම 76% ලෙස වාර්තා වී ඇත.
කෙසේවෙතත්, ඉදිරියේදී වර්ෂාපතනයේ අඩුවීමක් අපේක්ෂා කරන බැවින් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක්ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සිදුකර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments