Homeසියලුම පුවත්පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

අද (09) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරය පෙරවරු 9.30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වී ඇත.
අද සිට ලබන 12 වනදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර, අද දිනයේදී මුද්දර ගාස්තු විශේෂ විධිවිධාන පනත, වරාය සහ ගුවන්තොටුපොළ සංවර්ධන පනත යටතේ වන නියමයන් ඇතුළු පනත් කිහිපයක් අනුමත කරගැනීමට නියමිතය.
එමෙන්ම නිෂ්පාදන බදු, එකතු කළ අගය මත බදු සහ මහජන ආරක්ෂක ආඥාපනත යටතේ යෝජනා සම්මතයද අද දිනයේ විවාදයට ගැනීමට නියමිතව ඇති බව වාර්තා වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments